ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී , එරට දී මිය ගිය ශ්‍රී ලාංකීය ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27දා) රාත්‍රී ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට පියවර ගෙන තිබුණි .
එම දේහය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට මාලදිවයිනේ මාලේ හරහා තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි .
මෙම දේහය භාර ගැනීම සදහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .