කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීම, පරීක්ෂා කිරීමේ වැඩසටහන පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කරන බව ඊයේ (27දා) දැනුම් දුන්නත් ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු එය කල් දමා ඇති බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.එන්.අකුරන්තිලක මහතා අද (28දා) සඳහන් කළේය.