''සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ඌවේ ප්‍රධාන ආර්ථික වෙළද මධ්‍යස්ථානයක් වන හපුතලේ නගරයේ කඳු පාමුල පිහිටි බෙරගල නගරය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු මේ වන විට කඩිනමින් අවසන් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ප්‍රමාණයෙන් කුඩා තුන්මංහන්දියක් සහිත නගරයක් වූ බෙරගල ඌව පළාතේ ප්‍රධාන නගර තුනක් ආශ්රිත ප්‍රදේශ තුනකට විහිදෙන මාර්ග තුනක් සහිත සංචාරක නගරයකි.
බෙරගලින් ඉහළට දිවෙන හපුතලේ කන්ද පාර, බණ්ඩාරවෙල, බදුල්ල, ඇල්ල, වැල්ලවාය දක්වා ද පහළට දිවෙන පාර බෙලිහුල්ඔය, පඹහින්න, බලංගොඩ, රත්නපුර හරහා කොළඹ දෙසටත් බෙරගලින් හරස් අතට දිවයන මාර්ගය දියලුම දිය ඇල්ල හරහා වැල්ලවායට දිවයයි.
බෙරගල නගරය සංචාරකයන් සඳහා වටිනා තෝතැන්නක් ලෙස ක්‍රියාකරයි. ලංකාවේ ප්‍රධාන දිය ඇලි රැසක් නැරඹීමේ අවස්ථාව බෙරගල නගරය තුළින් උදා වී තිබේ