බසය අඩි 75 ක ප්රපාතයකට - අයෙක් මරුට - 16කට තුවාල
හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන ධාවනය වු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි දහසය දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (28) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ හැටන් දික්ඔය ෆෝඩයිස් වත්තේ පදිංචි සවරිමුත්තු ප්රනාන්දු නැමති (62) තිදරු පියෙකි.
(28) දින උදැසන 6.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ සලංකන්ද හැටන් ප්රධාන මාර්ගයේ බටර්ගල වත්ත ප්රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්රපාතයට පෙරලි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරයි.
බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබේ. කිහිපදෙකුට බරපතල තුවාල සිදුව ඇති බවත් අනතුරෙන් මිය ගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයේ සේවය කරන සේවකයෙකු බවත් හැටන් පොලීසිය කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

