මෙම වසර තුළ අනිවාර්යයෙන් කුමන හෝ මැතිවරණයක් පවත්වන බවත් එම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව දේශපාලන පළිගැනීම් වලට ලක් වූ සියලු දෙනාට වන්දි සහ සාධාරණය ඉටු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ රජය බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ ජන හමුවක් අමතමින් ඊයේ (28දා) අලුවිහාරේ මහතා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ සමගි ජනබලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙන බවත් දැනටමත් අමාත්‍යංශ නිලධාරීන් පත් කොට එහි වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.
තමන් දේශපාලන පළිගැනීමට ලක්වූවන්ගේ සභාපතිවරයා හැටියට ඉදිරියේදී ජනතාවට දේශපාලන පළිගැනීමට ලක්වූ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රංජිත් අලුවිහාරේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.