මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙක් නඩු තුනකින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩු තුනක් අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉවත් කර ගැනීමත් සමගිනි.
එම නඩු නැවත පැනවීමේ කොන්දේසිය මත අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මෙසේ නඩු ඉවත් කර ගත්තේය.
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ හිටපු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවැති ජනපතිවරණ සමයේදී ලංකා සතොස මුදල් රුපියල් මිලියන 40ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් මෙම නඩු ගොනු කර තිබුණි.