විදුලි ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකාව අත්හිටුවීමට තීරණය කර තිබේ.
අනුරාධපුර - හබරණ, ලක්ෂපාන - අතුරුගිරිය සහ කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසා සිටියි.
Read Moreකොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල නත්තල ආසන්නයේ ජර්මනිය පුරා දැඩි සත්කාර ඒකකවල (ICU) කනගාටුදායක උච්චස්ථානයකට ළඟාවිය හැකි බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.
Read Moreශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.
Read Moreඑළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23 වනදා දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreදෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 164ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreදිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreදකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී ඇත.
Read Moreමහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගනියි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමට අදාළ දෙවැනි නඩුව සඳහා රන්ජන් රාමනායක බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Read Moreප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඇත.
Read Moreදෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණූ 345ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.
Read Moreශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන මහා සැලැස්මට අනුව ස්වාභාවික ගැඹුරු ත්‍රිකුණාමලය වරාය විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වූ බව ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් මහතා පවසයි.
Read Moreඋත්සව කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන අයුරින් අපරාධ නිවාරණ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreකිලෝමීටර් 1,035ක් දිග දුම්රිය මාර්ගය, චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් මුලපිරීම අනුව යන ව්‍යාපෘතියකි.
Read Moreනැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
Read Moreසබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැය දෙකහමාරක් පැවති ගැටුමකින් පසු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.
Read Moreගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් දැනුම්දීමක් කර තිබේ.
Read Moreදෙමුහුන් විදුලි උත්පාදන ව්‍යාපෘති තුනක් උතුරේ දූපත්හි ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ චීන සමාගම එම ව්‍යාපෘති තුන අත්හැර තිබේ. තෙවැනි පාර්ශ්වයක් මතුකළ ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් එම සමාගම මෙම ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreසංචාරක තහනම් සහ සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.
Read Moreආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියි.
Read Moreමූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ ඩෙල්ටා හෝ බීටා වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාදනය වීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බවයි.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වනු තුරු අත්හිටුවීමට මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා(30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
Read Moreවිදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවෙන් හමුවී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 328ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 85 ක් සහ ධීවර යාත්‍රා 24 ක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
Read Moreවරාය ක්ෂේත්‍රයේ එක් බිම් ගලක් මෙරට නීතියට අනුව තක්සේරු වලින් පිට කුමන හෝ සමාගමකට ලබා දී තිබෙන බවට ඔප්පු කරන්නේ නම් ඇමතිධුර වලින් ඉල්ලා අස්වීමට සූදානම් බව වගකීමෙන් සඳහන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read More