රුසියා හමුදාව විසින් අත්පත් කරගත් යුක්රේනයේ නැගෙනහිර නගරයක් වන චුහුයිව් යළිත් තම හමුදා විසින් අත්පත් කර ගත් බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.
ඉරිදා රාත්‍රියේ ෆේස්බුක් වෙත පළ කරන ලද මෙහෙයුම් යාවත්කාලීන කිරීමක දී යුක්රේනයේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය කියා සිටියේ කියෙව් හමුදා රුසියානු හමුදාවන්ගෙන් නගරය අල්ලා ගත් බවත් සටනේදී රුසියා හමුදාවන්ට විශාල පාඩු සිදු කළ බවත්ය.
31,000 ක පමණ ජනගහනයක් සිටින නගරය යළි අත්පත් කර ගැනීම වෙනුවෙන් පැවැති සටනේදී ඉහළ පෙළේ රුසියානු අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් ප්‍රකාශ කරයි.
සතියකට වැඩි කාලයක් රුසියානු හමුදාවන්ගේ දැඩි ෂෙල් ප්‍රහාරවලට ලක්ව ඇති යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් සිට සැතපුම් 23 ක් පමණ දුරින් පිහිටි උපායමාර්ගික ස්ථානයක චුහුයිව් පිහිටා තිබේ.