නගර සේවකයෙකුට පහරදි තුවල සිදුකළ දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගැනිමට කටයුතු නොකල බව පවසමින් පහර කැ පුද්ගලයාගේ පවුලේ අය ඊයේ (6දා) දඹුල්ල නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.
එයට ප්රතිවාර දක්වමින් කම්කරුවාට පහරදුන් දඹුල්ල නගරාධිපතිවරයාගේ සහොදරයෙක් වන දඹුල්ල නගර සභාවේ සේවක පාලකයෙකු වන චන්න ඕපාත මහතා දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නාලදි.
මෙම පහර දිම චන්න ඕපාත මහතාගේ නිවසේදි (5දා) සෙනසුරාදා සිදුව ඇති අතර කථන අබාධිත නගර සේවකයා වන ප්‍රසාත් මහතා නගර සභාවේ දිනපතා සේවයට වාර්තා කළද නගරාධිපති සහොදරයාගේ නිවසේ වැඩට යොමු කරවාගන්නා බවත් දිවා රාත්‍රි නිවසේ වැඩ කළයුතු බවත් පහර කැ පුද්ගලයා ගේ මව පවසයි .
එසේ වැඩට ගිය ප්‍රසාද්ට රුපිල් 1000/= ලබාදෙන බව පවසා අස්වාභාවික සමලිංගික ක්‍රියාවන් සදහා යොදවා ගැනිමට චන්න ඕපාත මහතා උත්සහ කොට ඇති බවත් එයට අකමැති විම නිසා මෙම පහරදිම සිදුකල බව පවුලේ අය පවසති.
දඹුල්ල නගර සභාව පොහොට්ටුවේ පාලනය යටතේ පවතින අතර දඹුල්ල ආසන සංවිධායක පලාත්පාලන අමාත්‍ය ජනක බංඩාර තෙන්නකොන් මහතාගේ බලප්‍රදේශයේ පිහිටා ඇති පලාත්පාලන ආයතනයකි
පහර කැ පුද්ගලයා රොහල් ගත කරන අතර මව දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇත. මෙම සිද්ධියට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනිමට ප්‍රමාද කිරිම නිසාවෙන් දඹුල්ල පොලිසියට විරුද්ධව මෙම උද්ඝෝෂණය සිදු කෙරිණි. උද්ඝෝෂණය සිදුවන අවස්ථාවේදි චන්න ඕපාත මහතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අති අතර, ඒ බව පැවසිමෙන් පසු උද්ඝෝෂණ කරුවන් විසිර ගියේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා දඔුල්ල දිසා මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය බව දඹුල්ල පොලිසිය පැවසිය.
දඹුල්ල පොලිස් අධිකාරි තුමාගේ උපදෙස් පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති තුමගේ මෙහෙවිමෙන් පොලිස් විමර්ශන කණ්ඩායමයක් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
මහින්ද උදයසිරි දඹුල්ල

