බලපත්ර නොමැති බෝර 12 පතරොම් තුවක්කුවක් හා එම හිස් පතරොම් කොපුවක්, කොටි දතක් හා අලියෙකු ගේ දතක්, බඳින තුවක්කුවක උපකරණ කට්ටලයක් සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
සාලියවැව පොලිස් වසමට අයත් අලුත්ගම බුද්ධිදසුන්ගම ප්රදේශයේ නිවසක් තුළ මෙම නීති විරෝධී උපකරණ තිබෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ (6දා) සවස මෙම වැටළීම සිදුකළ බවත් එම කාර්යාලය පවසයි.
මෙහිදී අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ඥාතීහු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත් අඩංගුවට ගත් ගිනි අවිය ඇතුළු අදාළ උපකරණ සමග සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂ ඩී.රාමසිංහ මහතා ඇතුළු එම නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටළීම සිදු කළහ.
