අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව තවත් පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 495 දක්වා ඉහළ යයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ හෙට (08දා) සිදු කෙරේ.
ජාතික පාසල් පද්ධතියට එක්වන නවතම පාසල් දහය වන්නේ,
බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය, බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය, දොම්පේ දේවි බාලිකා විද්‍යාලය, කල්මුණේ මහමුද් කාන්තා විද්‍යාලය, කැකිරාව විද්‍යාර්ථ මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය, පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, දංකොටුව බෞද්ධ බාලිකා විදයාලය, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය යි.