විමල්ගෙන් යළිත් බැසිල්ට ප්‍රහාරයක්
ශ්‍රී ලංකාවේ තිබෙන්නේ විදේශ විනියම අර්බුදයක් බවත් ඒ හේතුවෙන් ගෑස් හා ඉන්ධන ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිවී ඇති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා අද (07) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
“අපි විශේෂයෙන්ම මේ තියෙන ආර්ථික අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ඒකත් එක්ක රටට ඇතිවෙන තත්ත්වයයි අපි කිව්වේ. අපිව අයින් කරලා ආණ්ඩුව හිතන්න ඇති විදේශ විනිමය ඒ හරහා උපයන්න කර ගන්න පුළුවන් කියලා.
උපයගත්තනම් මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. පස්වැනිදායින් පස්සේ විදුලිය කපන්නේ නෑ කියලා කිව්වා. අදත් කපන සැලැස්මක් එළියට දාලා තියෙනවා. ගෑස් හිඟය තව උග්‍ර වෙමින් පවතිනවා.මේවා වෙන්නේ මේ ගැන දීර්ඝ කාලීනව හිතලා ගන්න ඕන තීන්දු ගන්නේ නැති නිසා.
මුදල් ඇමතිවරයා මේ අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට අවශ්යෙ මේ අර්බුදය උත්සන්න කරලා රට විශාල අර්බුදයකට ඇද වට්ලා බටහිර උපායමාර්ගයට අපේ රට හසු කරන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක නොදැක්කා වගේ ඉන්න අපිට බෑ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

