තවත් දින දෙක තුනක් ගෑස් නොමැතිව පැවතුනහොත් දිවයිනේ බේකරි බොහෝමයක් වැසී යනු ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් පෙරේරා මහතා පවසයි.ඔහු මේ අදහස් පළකළේ බේකරි කර්මාන්තය වර්තමානයේ මුහුණු පා ඇති අභියෝග සම්බන්ධයෙන් ඊයේ (06දා) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් පෙරේරා මහතා මෙසේද පැවසීය.
“දුප්පත් ජනතාව පාන් ගෙඩියකින් තමයි වේල පිරිමහ ගන්නේ. ගෑස් අර්බුදය තෙල් අර්බුදය නිසා සාමාන්‍ය කුලී වැඩ කරන ජනතාවගේ ආදායම් මාර්ග ඇණහිටලා. විදුලි අර්බුදය ගෑස් අර්බුදය නිසා මේ වන විට හෝටල් කර්මාන්තය, බේකරි කර්මාන්තය කඩා වැටෙමින් පවතිනවා. ලබන බදාදා වනවිට වෙළඳපළේ තෙල් ටිකයි ගෑස් ටිකයි නැති වුනොත් බේකරි සියයට හැත්තෑපහක් වහන්න වෙනවා.
තෙල් ටික ඉවර වෙනකොට නැවක් එනකම් බලන් ඉන්න ඕන නං, ගෑස්ටික ගන්න ගියහම කළු කඩ මුදලාලි ට ඕන විදිහට එකේ මිල තීරණය වෙනවා නම්, විකිණෙනවා නම්, මේ රටට ආණ්ඩුවක් ඕනෙ නෑ. මොකටද ආණ්ඩුවක්, ආණ්ඩුවක් ඕනේ මේවා පාලනය කරලා මහජනතාවට අවශ්‍ය පහසුකම් ටික සපයන්න යැයිද කමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
