මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ඊයේ (06) දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මස මුල් දින 06 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 21,964 කි. පසුගිය ජනවාරි මාසයේ දි මෙරටට සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් 96,507කි. වසර දෙකකට පසු මාසයක දී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වන්නේ එයයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මාර්තු මාසයේ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 4,395 ක් වේ. රැසියානු සමූහාන්ඩුවෙන් සංචාරකයන් 3,094 පැමිණ ඇති අතර ජර්මනියෙන් සංචාරකයන් 2,240 ක්, ප්‍රංශයෙන් සංචාරකයන් 969 පැමිණ ඇත. පසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.
