රත්මලාන දුම්රිය පොල අසලදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වීදුරු බෝතලයක් කඩා ගෙල කපා ගැනීමට තැත් කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයකු ගේ අතකට තුවාල සිදුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
සැකකරු සතුව තිබී මත්කුඩු ග්රෑම් පහයි මිලි ගෑම් සීයයක් පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරු සහ කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත
ගල්කිස්ස රත්මලාන දුම්රියපොල පාර අසල හෙරොයින් මත්කුඩු තබාගත් පුද්ගලයෙකු සිටින බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු ඒ අතර තිබූ බෝතලයක් කඩා ගෙල කපා ගැනීමට තැත් කළ තිබු බව පොලිසිය කියයි.
මෙම සැකකරු මීට පෙර අවස්ථාවකදීත් මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දී ගෙල කපා ගත් පුද්ගලයකු බවත් පොලිසිය පැවසීය.
සැකකරු රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.