විදේශ සංචාර පිළිබඳ ඉතිහාසයක් නොමැති සිඩ්නි නුවර වාසය කරන සිසුවෙකු කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඔස්ට්‍රේලියාව කියයි.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් ඉන්දියාවෙන් හමුවී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 328ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 85 ක් සහ ධීවර යාත්‍රා 24 ක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
Read Moreවරාය ක්ෂේත්රයේ එක් බිම් ගලක් මෙරට නීතියට අනුව තක්සේරු වලින් පිට කුමන හෝ සමාගමකට ලබා දී තිබෙන බවට ඔප්පු කරන්නේ නම් ඇමතිධුර වලින් ඉල්ලා අස්වීමට සූදානම් බව වගකීමෙන් සඳහන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read More‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යතුමා, ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයි ද පැවසීය.
Read Moreශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය 08 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ ධනංජය ද සිල්වා සමත් විය.
Read Moreඅසාල් සාලි මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ නිමල් පියතිස්ස, ගාමිණී වල්ලෙබොඩ හා මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රිවරුන්ගෙන් මෙසේ වන්දි ඉල්ලා සිටියේය.
Read Moreගෑස් පිපිරීම පිළිබඳ වැනි ප්‍රශ්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා සුදුසු රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreජාතික ආරක්ෂාව තහවුරු කරන බවට සඳහන් කරමින් බලයට පැමිණි ආණ්ඩුවට ගෑස් පිපිරීමෙන් වර්ථමානයේ මුලුතැන්ගේ ආරක්ෂාවවත් ආරක්ෂා කිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
Read Moreඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreකෝවිඩ් රෝගීන් ක්‍රමයෙන් ඉහළ යන වාතාවරණයක් පවතින බැවින්, මෙවරද නත්තල් උත්සවය වෙනදා මෙන් සමරන්නට නොහැකිවේදැයි කිතුණු ජනතාව සැකයකින් පසුවේ. සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට ජනතාවගේ වගකිවයුතු හැසිරීම් මගින් උත්සව සමයේ රට ලොක්ඩවුන් කිරීමකට තල්ලු නොකර පවත්වා ගැනීමේ හැකියාවක්ද පවතියි. කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් නත්තලට සූදානම් වන්නට කරන ඇරයුමකි මේ.
Read Moreලිට්රෝ ගෑස් සමාගම විකුණා දැමීමේ මූලාරම්භය ලෙස ගෑස් සිලින්ඩර් පිපිරීම සිදුවන බව අවිවාදයෙන් සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreගෑස් ආශ්රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව එම සිදුවීම් වාර්තා වූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙකු වන කිඹුලා ඇළ ගුණාගේ සෙහොයුරියගේ දුව සහ ඇගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑමි 100 සමග අද (01) කදාන ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.
Read Moreහම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට බවත් අවශ්‍ය නම් එම ගිවිසුම අවලංගු කර වරයා නැවත ලබා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවත්මන් ආණ්ඩුව ආයෝජනය නැමැති ලේබලය අලවමින් දේශීය සම්පත් විදේශීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ කරයි කියමින් මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02දා) නියෝග කළේය.
Read Moreනීතිවිරෝධී ක්‍රම මගින් මුදල් බෙදා හරින හා මුදල් ලැබෙන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතව ඇත.
Read Moreගෑස් කාන්දුවිම්, ගෑස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසිය.
Read Moreඑහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක් යොදා ගනිමින් එම ශාක වගා කරන ලද බව ඔහු ප්‍රකාශ කළේය. දැනට මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බව කී චමින්ද මහතා ඒ සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයාට ලබා දීමට ද එකඟතාවය කළ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ මේ වන විට ක්‍රියාත්මක බූස්ටර් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (01දා) වන විට පුද්ගලයන් 727370 කට එම මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.
Read Moreගෑස් සිලින්ඩර පිපිරෙන තැන වගේම ගෑස් භාවිතා කරන උපාංග පිපිරෙන තැන ජාතික ආරක්ෂාවක් නැති බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
Read Moreපළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇත.
Read Moreසබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read More’’ගෝලීය වසංගතයකින් සහ මෙම අසාධාරණ හා දුරාචාර තත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගය ගෝලීය එන්නත් ව්‍යාපාරයක් පමණක්’’ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.
Read More