හපුතලේ උඩවිහාරගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පස්දෙනෙකු ඒ සඳහා යොදාගත් ආයුධ හා සෙසු පූජා භාණ්ඩ ද සමග අද (06දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම වැලිමඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 28 සහ 46 අතර වයස්වල පසුවන්නන් බව ද පොලීසිය කියයි.
ඔවුන් හපුතලේ ප්රදේශයේ ස්ථානයක නවාතැන්ගෙන සතියකට අධික කාලයක් නැවතී සිට නිදන් වස්තු සොයා මෙම ස්ථානයේ වලවල් හාරා තිබූ බවද පොලිසිය පැවසීය.
උදලු අලවංගු ගල් විදින කූරු සහ මල් පහන් හඳුන්කූරු කපුරු වැනි පූජා භාණ්ඩ රැසක් ද සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෙට (7දා) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හල්දුම්මුල්ල එස් පී නානායක්කාර