පෙරපාසල නිමාවී නිවසට යමින් සිටි දැරියකගේ හිස මතට රිළවෙකු සොළවමින් සිටි ගසක අත්තක් කඩා වැටිම හේතුවෙන් එම දැරිය අද (06දා) අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ නෙල්ලිවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙන බව පොලිසිය පවසයි.
බලන්ගොඩ පින්නවල නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි නානයක්කාර මුදියන්සේලාගේ නෙස්මා ප්‍රේමරත්න නැමැති සිව් හැවිරිදි දැරියක මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ. ඇය නෙල්ලිවෙල ප්‍රදේශයේ ඇති පෙරපාසලට ගොස් එය අවසන් විී නැවත මව සමග නිවසට යමින් සිට තිබේ.
මාර්ගයට ඉහළින් ඇති ගසක තිබුණ මැරුණු අත්තක් රිළවකු විසින් සොළවමින් සිට ඇති අතර එම අත්ත ඇගේ හිස මතට කැඩි වැටි තිබෙන අතර එහිදී ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙන අතර බලන්ගොඩ මුලික රෝහලට අැතුලත් කිරිමෙිිදි මියගොස් තිබෙි.
මෘත දේහය බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර තිබෙන අතර බලන්ගොඩ රෝහල් පොලිසියේ ස්ථානාධිපති සැරයන් ජයනාත් මහතා විසින් පරික්ෂණ සිදු කරයි.
රාස්සගල සමිපත්