ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06දා) පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.
එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක් රුවන් මහතා සභාව විනාඩි පහකට කල් තැබීමට පියවර ගත්තේය.
මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම අද පැවති අවස්ථාවේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව නගර සභාවේ උප සභාපතිවරයාට වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියේය.
එම අවස්ථාවේදී තමන්ට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි .
එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් , උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත් පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතර තුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුනි.
එම අවස්ථාවේදී උප සභාපති ලෙස කටයුතු කරන තම පියාට පහරදීම සහ අසභ්‍ය වචනයෙන් චෝදනා කිරීමට උරණ වූ සභාපති
ටිරාජ් ලක් රුවන් මහතා මූලාසනයෙන් නැගිට විත් මන්ත්‍රීවරයා සමග බහින් බස් වීමක පැටළුණි .
එම අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීමට මන්ත්‍රීවරුන්ට මැදිහත් වීමට සිදුවුණි .
මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගෝඨා හොරා බැසිල් හොරා , හොරා හොරාකියමින්ද , පොහොට්ටු මන්ත්‍රීවරුන් සජිත් හොරා සජිත් හොරා කියමින්ද එකිනෙකාට චෝදනා කරමින්
චෝදනා කරනු දක්නට ලැබුණි .
පසුව තත්ත්වය පාලනය වීමත් සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පස්වනි මාසයටත් සභාව වර්ජනය කරමින් සභා ගැබින් පිටව ගියහ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න / අමිල සංකල්ප
