අගමැතිගේ රුව සහිත මුදල් නෝට්ටුවට වෙළඳසැලෙන් විරෝධය
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05දා) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.
යාපනය නගරයේ පිහිටි සාප්පූ සංකීරණයකට ගිය පුද්ගලයෙකු අවශ්‍යතාවයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් අදාල මුදල් නෝට්ටුව ඉදිරිපත් කිරීමත් සමග වෙළඳසැල් හිමියා විසින් මුදල් නොට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වදිමින් කියමින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇත.
අනතුරුව මුදල් හිමියාද වෙළෙඳහිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථනයට පැමිණීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙන අතර අනතුරුව අසල්වැසි වෙළෙඳ හිමියන් විසින් තත්වය පාලනය කොට ඇත.
රටේ රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා වාතාවරනය හේතුකොටගෙන මුදල් හිමියාට අදාල මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළඳ සැලකටද ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෙසු වෙළඳසැල් හිමියන් පියවර ගෙන තිබුණි.

popular news
-
Samson de silva Thursday, 07 April 2022 05:00 AM
Saadaarana wirodayak. Edaa medaa thura Sri Lankawe pahalawu lokuma horun dennaa mema note ekata athsan karalaa thiyenne. Mun dennage horakam nisaa thamayi ada rata bankoloth welaa thiyenne. Moosalayage photo ekath daalaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

