තමාගේ ආරක්ෂාව තම පක්ෂයේ සහෝදරයන් විසින් තහවුරු කරන බවත් එවැනි ආරක්ෂකයෙක් ඊයේ (05දා) පාර්ලිමේන්තුව අසළදී තම වාහනයට ගොඩ වූ බවද ඔහු පැවැසීය.
"ස්වෙච්ඡාවෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ හිතනවද අපි තනියෙන් මහ පාරේ යනවා කියලා. අපි නිදැල්ලේ පාරේ යන්නේ නෑ. මම වාහනයක යන හැම වෙලාවකම අපේ පක්ෂයේ සහෝදරවරු ගණනාවක් අවට ඉදගෙන ආරක්ෂාව සපයනවා.
ඒක තමයි අපේ පක්ෂයේ වැඩේ. ඔයගොල්ලෝ හිතවනද මේ නිකම් මෝඩ කමට බෙල්ල දෙන්න යනවා කියලා. මම පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පෙර දැනුම් දුන්නා මම එළියට එනවා කියලා. අපේ සහෝදරවරු කිහිප දෙනෙක් හිටියා. මම හෙටත් එහෙම කරනවා. ලාභෙට අපේ ජීවිත බිලි දෙන්නේ නෑ.
මම මගේ ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. මෝටර් සයිකල් කිහිපයකින් මට ආරක්ෂාව දෙනවා. එක්කෙනෙක් වාහනයකට නැග්ගා. හිරිපොද වැස්සක් තිබුණේ. ඕනනම් අපි එයාව ඉදිරිපත් කරන්නම්. "