වත්මන් නීතිපතිවරයා කටයුතු කරන ආකාරයට විරෝධය දැක්වීමක් ලෙස ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ පිළිබඳව නීතිඥ ප්‍රජාව තුළ කථාබහක් නිර්මාණය වී ඇති බවයි.
මේ අතර මල්වානේ නඩුවට අදාළව සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකර විත්තිකරුවන් නිදහස් කිරීමට සූදානමක් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.