ඩීසල් ඉන්ධන රැගත් ධාවනය වෙමින් තිබු බවුසරයක් නොර්වුඩ් මංසන්ධියේදි ධාවනය කිරිමට ඉඩ ලබානොදි අවහිර කිරිමේ චෝදනාව යටතේ නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් අද (06දා) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 08දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්රාත්වරයා නියෝග කලහ.
සැකකරුවන් දෙදෙනා නොර්වුඩ් සමුපකාර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට හැටන් මස්කෙලිය , නල්ලතන්නිය ශ්රි පාද මාර්ගය , අප්කට්, සාමිමලේ , බගවන්තලාව , බලංගොඩ ප්රධාන මාර්ගය අවහිර වන පරිදි ටිපර් රථයක් සහ බස් රථයක් පාලම හරහා නතර කර එම මාර්ගයේ ගමනා ගමනයට බාධා කර ඇත.
එම අවස්ථාවේ මස්කෙලිය විවිධ සේවා සමුපකාර සමිතියට කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයේ සිට ඩිසල් ලිටර් 6600 රැගෙන යමින් තිබු සංස්ථාවට අයත් බවුසර් රථයකට ධාවනය කිරිමට අවහිර කරමින් එම ඉන්ධන තොගය නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලට ලබාදෙන්නේ නම් මාර්ගය විවෘත කලහැකි බවට පවසා ඇත.
එම අවස්ථාවේ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සැකකරුවන් දෙදෙනා බිමත්ව රිය පැදවිම සහ අයුතු අවහිර කිරිම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.