දෛනිකව නිකුත් කරනු ලබන ගෑස් සිලින්ඩරවලින් සියයට 60ක් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වෙත නිකුත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ලිට්රෝ සමාගමට උපදෙස් දී තිබේ.
ඒ එම සමාගම ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉතිරි දිස්ත්‍රික්ක 23 වෙත හිමිවන්නේ දෛනිකව නිකුත් කරන ගෑස් වලින් සියයට 40ක ප්රමාණයකි.
අධික ජන ඝනත්වයක් පැවැතිම හා විකල්ප බලශක්ති ප්‍රභවයන් එම දිස්ත්‍රික්කවලට සීමා සහිත වීම හේතුවෙන් මෙම තිරණය ගෙන ඇති බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.