වත්මන් රජයේ අමාත්‍යධුර ලබා ගන්නා තවත් පිරිසක් පිළිබදව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඊයේ (21දා) පස්වරුවේ මාතලේ දී පැවති රැස්විමකදි අනාවරණය කළේය.
ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සමුලුවට එක්වෙමිනි. ඉ එම සමුලුව මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවිර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න,චාමර සම්පත් දසනායක යන මන්ත්‍රිවරුන් සඳුදා දිනයේදි අමාත්‍යධුර බාර ගන්නා බවට තොරතුරු ලැබි ඇති බවද හෙතෙම පැවසිය.
එහිදි අදහස් දක්වමින් අනුර දිසානායත මහතා කියා සිටියේ වත්මන් රජයේ අගමැති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ පණ රදා පවතින්නේ බැසිල් රාජපක්ෂ මහතා ළග බවයි.
ජනතාව ආරක්ෂා කිරිම වෙනුවට රාජපක්ෂ පවුල ආරක්ෂා කිරිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය සදහා පත් කළ බවත් අද රට පාලනය කරන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයින් දෙදනෙක් බවත් ඔහු සඳහන් කළේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ගෙදර යන ලෙස බල කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයෙන් ගෙදර යැවු අයෙක් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනතාව බලාපොරොත්තු වන දෙයක් මින් දෙදෙනාට සිදු කළ නොහැකි බවත් වත්මන් රජයේ බහුතරය ලබා ගැනිම සඳහා මන්ත්‍රිවරුන් එකතු කරමින් සිටින පරණ මජර දේශපාලනය නැවත සිදු කරන බවද දිසානායක මහතා පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න