සහල්, කිරිපිටි, ඖෂධ ඇතුළත් ඉන්දීය මානුෂී ආධාර තොගයක් හෙට (22දා) ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
තමිල්නාඩු මහ අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීම මත මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට යොමුකර තිබේ.
"ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් සහල්, කිරි පිටි සහ ඖෂධ තොගයක් හෙට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.
තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා විසින් මෙම භාණ්ඩ තොගය බදාදා දින චෙන්නායි සිට පිටත් කර එවන ලදී."