21 වැනි සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති අවස්ථාව අහිමිවන බවයි.
ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන්ව අධිකරණ නියෝගයක් අනුව ඉවත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුවැසිභාවයද හිමි ද්විතව පුරවැසියෙක් වන අතර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ඔහුට සිය මන්ත්‍රීධුරය අහිමි වෙනු ඇත.