ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්ය භාරයක් සිදුකිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය දිනපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ඊයේ (20දා) එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව පැවැසීය.
“චීනය ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් අවධානය යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානමින් සිටී. ශ්‍රී ලංකාව චීන පාර්ශ්වයට ඇති ණය සම්බන්ධයෙන්, නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ උපදේශන පැවැත්වීමට අදාළ මූල්‍ය ආයතනවලට චීනය සහාය දක්වයි.
අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.
විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා තහවුරු කිරීමට සහ එහි ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීමට චීනය ස්වාධීන උත්සාහයන් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”