ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි කැසෙන්ඩ්‍රා ෆර්නාන්දු මහත්මිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ආසනයක් ජය ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
ඇය මෙවර ඔස්ටේලියා මහ මැතිවරණය ජයගත් කම්කරු පක්ෂය නියෝජනය කරමින් හෝල්ට් ආසනය සඳහා තරග කළාය. ඔස්ට්‍රේලියවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකාව වන්නේ කැසෙන්ඩ්රයි
ඒ එම ආසනය වෙනුවෙන් ලේබර් පක්ෂය නියෝජනය කරමින් තරග කළ තව්ත ශ්‍රී ලාංකිකයෙක් වන රන්ජ් පෙරේරා මහතා පරාජයට පත්කරමිනි. කැසෙන්ඩ්‍රා සියයට 52.5ක ඡන්ද ප්රතිශතකයන් ලබා ගන්නා විට රන්ජ් පෙරේරා මහතා සියයට 47.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.
1988 වසරේදී ශ්‍රී ලංකාවේ උපතලද ඇය වයස අවුරුදු 11 දී ඇගේ පවුලේ අය සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ තිබේ.
කැසැන්ඩ්‍රා පේස්ට්‍රි අරක්කැමියෙක් මෙන්ම අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින්නියකි. සිල්ලර හා ක්ෂණික ආහාර කර්මාන්තයේ කම්කරුවන් නියෝජනය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි කිරීම වෙනුවෙන් කටයුතු කරන්නියක් ලෙස ප්‍රසිද්ධ ඇය කොවිඩ් වසංගතය කාලයේ ඇය එම ක්ෂේත්රවල රැකියා කරන අයගේ වැටුප් සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සටන් කර තිබේ.
ඇය Woolies Dandenong Plaza හි තම රැකියාව ආරම්භ කර තිබේ. වසර 15 කට ආසන්න කාලයක් ඇය රැකියාව කරයි.
එසේම ඇය ඉංග්‍රීසි කථා නොකරන පසුබිම්වලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සරණාගතයින්ට ස්වෙච්ඡාවෙන් ඉගැන්වීමට ඉදිරිපත් ව තිබේ.
" හෝල්ට් ආසනය සඳහා අපේක්ෂකයා වීමට තීරණය කළේ හෝල්ට් සඳහා වඩා හොඳ අනාගතයක් ලබා දිය හැක්කේ කම්කරු රජයකින් පමණයි" ඇය මැතිවරණයට පෙර සිය ෆේස් බුක් ගිණුමෙන් පැවැසීය.



