ගෑස් මිලදී ගැනිමට පැමිණ දෙදිනක් පෝලිම් වල සිට ගෑස් නොලැබීම නිසා කොළබ බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර නගරයේ දි අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයක නිරත විම නිසා පැයකට වැඩි කාලයක් මාර්ගය සම්පුර්ණයෙන් අවහිරවි තිබුණි.
රත්නපුර නගරයේ කුඩුගල්වත්ත දි අද (21දා) මෙම විරෝධතාවය පැවත්විණි. රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ ගෑස් අලෙවි මධ්‍යස්ථානයකට ගෑස් නිකුත් නොකර ප්‍රදේශයේ වෙනත් ස්ථාන කිහිපයක ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත ලබාදි ඇතැයි විරෝධතාවය පළකළ ගෑස් පාරිභෝගිකයන් මෙහිදී පැවසුහ.
පෙරේදා සිට පෝලිමේ සිටි තමන්ට අසාධාරණයක් වි ඇති බව පවසමින් ගෑස් මිලදී ගැනිමට පැමිණි පිරිසක් මුලින් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා රත්නපුරයේ දි මාර්ගය අවහිර කර අතර පසුව තවත් පිරිසක්ද ඊට එක්වුහ.
උද්ඝෝෂණය ආරම්භ කරමින් ජනතාව මාර්ගයට පැමිණිම නිසා කොළබ දෙසින් ඇඹිලිපිටිය සහ බදුල්ලට යන වාහනත් බදුල්ල ,බලංගොඩ සහ ඇඹිලිපිටිය දෙසින් කොළබ දෙසට යන වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් නතර වි තිබුණි. විකල්ප මාර්ග ඔස්සේ වාහන ගමන් කරවිමට පොලිසිය පසුව කටයුතු කළද එම මාර්ගයද දැඩි වාහන තදබදයක් ඇඇති වි තිබුණි. විරෝධතාකරුවන් එම මාර්ගය ද පස්වරුවේ වසා දමා උද්ඝෝෂණය කළහ.
රත්නපුර පොලිසිය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ හෙට(22දා) ගෑස් ලබාදෙන බවත් මිල වැඩිවිමට පෙර පැවති මිලට ගෑස් නිකුත් කරන බවත් ය.අනතුරුව උද්ඝෝෂණය නවතා දැමු අතර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් විය .
ලසන්ත නිරොෂණ පෙරේරා
