දොඹගහවෙල පොලිස්ථානයේ චෝදනාගාරයේදි, පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධාකර,එම නිලධාරියාට අතින් පයින් පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (21දා) අත්අඩංගුවට ගත්බව දොඹගහවෙල පොලිසිය පවසයි.
අත්අඩංගුවටපත් සැකකරු දොඹගහවෙල මහරාව ප්රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි පුද්ගලයකු බව අනාවරණය වි තිබේ.
සැකකරුගෙන් පහරකැමට ලක්වු පොලිස් නිලධාරියා මේ වන විට සියඹලාන්ඩුව මුලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් සමිබන්ධයෙන් සැකකරුට එරෙහිව තිබු පැමිනිල්ලක් විභාග කිරිමට සිද්ධිය වු දින පැමිණිලිකාරිය හා මෙම සිද්දියට සම්බන්ධ සැකකරු පොලිසියට කැඳවා තිබුනද, එදින මෙම සැකකරු පොලිසියට නොපැමිණි බවත්, ඒ අනුව පොලිස්ථානයේ කාන්තා පොලිස් සැරයන් 4977 සංජිවනි නිළධාරිය සැකකරැට දුරකථන ඇමතුමක් ලබා දි මෙම පැමිණිල්ල විභාග කිරිමට පැමිනෙන ලෙස දැනුම් දුන් බවත්, පොලිසිය කියයි.
ඒ අනුව පොලිසියට පැමිණි මෙම සැකකරු කලහාකාරිව හැසිරෙමින්, පොලිස්ථානය තුලදිම පරුෂ වචනයෙන් බැනවැදුනු බවත්, පරුෂවචන පොලිසිය තුල නොකියන ලෙස, එම පුද්ගලයාට අවවාද කල පසු,ඔහු පොලිස් නිලධාරියකුගේ නිළ ඇදුමින් ඇද, අතින් පයින් පහරදුන් බවත්,පහරකැමට ලක්වු පොලිස් නිලධාරියා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සදහන්වේ.
පොලිසිය පවසන්නේ එම පුද්ගලයාගේ පහරකැමෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුනේ වම් ඇස අසල හා වම් කනට ඉහලින් ඉදිමි ඇතැයි පොලිසිය පවසයි.
කලහාකාරිව හැසිරෙමින්,පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධාකර, එම නිලධාරියාට අතින් පයින් පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද(22දා) සියඹලාන්ඩුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මොණරාගල කොටිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත්, සහකාර පොලිස් අධිකාරි ජේ.එස්.කේ රාජපක්ෂ යන මහතුන්ගේ උපදෙස් මත දොඹගහවෙල පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල-නයනජිව බන්ඩාර