ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් විශ්වාස නොකරන බවද ඔහු පැවසීය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, අද (22දා) පාර්ලිමේන්තුවේදී, එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා, මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද කඩ කිරීමක් බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.