“අධිභාර බද්ද”නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර හැකි බවට ශ්‍රේෂ්ඨාධීකරණය සිය තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරන ලද“අධිභාර බද්ද”නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අදාල පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ 13 ව්‍යවස්ථාව සමඟ අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරන ලද“අධිභාර බද්ද”නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි.
පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව සමස්තයක් ලෙස සලකා බැලීමේදී,පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ 13 ව්‍යවස්ථාව සමඟ අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරනු ලැබ ඇත.
මෙම තත්ත්වයන් තුළ එකී “අධිභාර බද්ද”නමැති පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් වලංගු ලෙස සම්මත කරනු ලැබිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කරනු ලැබිය යුතුයැයි මම නියෝග කරමි.*
යනුවෙන් සඳහන් කළේය.