විදුලි බලාගාරවල අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (22දා) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා කාලය තුළදී පැය 03යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළදී පැය 01යි විනාඩි 40ක විදුලි කප්පාදු කිරීම සිදු කෙරේ.
එසේම P, Q, R, S, T, U, V, W යන කලාපවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළදී පැය 02යි විනාඩි 40ක් හා සවස 5.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළදී පැය පැයක විදුලි කප්පාදු කිරීමක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්දික හේවාතාරණ