යාපනය මාණිප්පායි පොලිස් බල ප්රදේශයේදී නීතිවිරෝධී මත්පෙති 3010 ක් සමගින් පුද්ගලයෙකු ඊයේ (21දා) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ දූෂන මර්ධන අංශය පවසයි.
කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මාණිප්පායි ප්රදේශයේ මාර්ගයක රැකවල් යොදා සිටියදී අදාල සැකකරු මත්පෙති බෑගයක දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් අදාල මත්පෙති විවිධ ස්ථානයන්ට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මාණිප්පායි ප්රදේශයේම පදිංචි 63 හැවිරිදි අයෙකු වන අතර සැකකරු අද (22දා) යාපනය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කොට්ඨාශ දූෂණ මර්ධන අංශය වැඩිදුරටත් පැවසීය.
