ඒක ධ්‍රැවීය ලෝකය අවසන් - රුසියාවේ හිටපු ජනාධිපති
ලෝකයේ භූ දේශපාලනික වෙනස්කම් ගැන අදහස් දක්වමින් රුසියාවේ හිටපු ජනාධිපති සහ එරට ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව් පැවසුවේ ඒක ධ්‍රැවීය ලෝකය අවසන් වී ඇති බවය.
රුසියානු මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින්, හිටපු ජනාධිපතිවරයා යුක්රේන ගැටුම මධ්‍යයේ බටහිර ක්‍රියාවන් තක්සේරු කළ අතර, යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම පිළිබඳ තොරතුරු කිහිපයක්ද හෙළි කළේය. එමෙන්ම රුසියාව හැර යාමට තීරණය කළ අයගේ අදහස් ඇතුළුව ඔහු ඒ පිළිබඳව විවිධ අදහස් සාකච්ඡා කළේය.
ඇමෙරකාව තවදුරටත් පෘථිවි ග්‍රහලෝකයේ ස්වාමිවරුන් නොවන්නේ මන්දැයි ඔහු පැහැදිලි කළ අතර, රුසියානු භීතිකාව ගැනද අදහස් දැක්වීය.
බටහිර රටවල හැසිරීම සම්බන්ධයෙන් මෙද්වදෙව් මෑතකදී ඔහුගේ දැඩි හා උත්ප්රාසාත්මක ප්‍රකාශයන් පළ කර තිබුණි. යුක්රේනයේ සිදුවන මොස්කව් හමුදා ප්‍රහාරය දියත් කිරීමෙන් පසු වර්ධනය වී ඇති රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක සුදු දත් සිනහව පිටුපස පසුගිය වසර 30 පුරා සැඟවී තිබූවක් ප්රබලව ඉස්මතු වූ අවස්ථාවක් පමණක් යැයිද හිටපු රුසියානු නායකයා අවධාරණය කළේය.


popular news
-
Sonny Friday, 25 March 2022 06:11 AM
aththa kathava mata nam danena vidiyata Rusiyava vataa thibena anikuth rataval ithamathma diyunuvela thiyenne. Namuth Rusiyavata etharam diyunuvak labaganna nohaki vithibenava. e irisiyavta thamayi oya yuddaya kerenne penne,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

