හෙරොයින් සමග 02ක් අත්අඩංගුවට
දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25දා)ඇල්පිටිය මන්ඩකන්ද ප්රදේශයේදී රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.
මේ සැකකරුවන් දෙදෙනා ලග තිබී මත් කුඩු ග්රෑම් තිස්හයක් බර මත් කුඩු පැකට් 192ක් සොයාගත් බවද පොලීසිය කියයි .
සැකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කරන්දෙනිය කලුවලගොඩ ප්රදේශයේ පදිංචි අයෙක් බවත් ඔහු ලග තිබී මත කුඩු ග්රෑම් 14.272ක් ද අනෙක් සැකකරු ඇල්පිටිය නවදගල ප්රදේශයේ පදිංචි අයෙක් බවත් ඔහු ලග තිබී මත කුඩු ග්රෑම් 21.510ක් සොයා ගත් බවත් පොලීසිය කියයි.
ස්ථිර රැකියාවක් නැති මේ සැකකරුවන් දෙදෙනාම ජීවත්වනුයේ බැගියා සහ ඔහුගේ මස්සිනා වන සුදුවා යන අයවලුන්ගේ මත් කුඩු ජාවාරමෙන් බවද පොලිසිය පැවසීය .
මේ සැකකරුවන් දෙදෙනා මත් කුඩු ජාවාරම් කිරීමට රැගෙන යමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුව ඔවුන් පරීක්ෂා කිරීමේදී මේ මත් කුඩු තොගය ඔවුන් ලග තිබී සොයා ගැනුණු බවද පොලිසිය කියයි .
සැකකරුවන් දෙදෙනා අද (25) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .
.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ පිටිගල ඩි.ජේ විජේසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

