ලිට්රෝ සමාගමේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට රු 4500 කට අලෙවි කල හැටන් කොටගල ප්‍රදේශයේ සමාගමේ අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය අද (25දා) දින තාවකාලිකව අත්හිටවු බව එම සමාගමේ මධ්‍යම,ඌව සහ සබරගමු පලාත භාර සමාන්‍යාධිකාරි සාරංග විජේසිංහ මහතා පැවසිය.
සමාගම විසින් ඊයේ (24දා) කොටගල සමාගමේ අලෙවි නියෝජිතයාට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 100 ලබාදුන් බවත්, එසේ ලබාදුන් සිලින්ඩර් අලෙවි නියෝජිතයා විසින් රු 4500 කට පාරිභෝගිකයන්ට අලෙවි කරන බව කොටගල නගරයේ වෙළඳ සංගමයෙන්ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බැවින් එම අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය තාවකාලිකව අත්හිට වු බව සාරංග විජේසිංහ මහතා පැවසිය.
කිලෝ 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු 2771 සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, සැම අලෙවි නියෝජිත වෙළඳ සැලකම මිල ප්‍රදර්ශනය අනිවාර්යෙන්ම සිදු කල යුතු බව සමාන්‍යාධිකාරිවරයා පැවසිය.
හැටන් කොටගල නගරයේ එම අලෙවි නියෝජිතයා කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් ඊයේ (24දා) රු 4500 ට අලෙවි කිරිම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අලෙවි නියෝජිතයාගෙන් කරුණු විමසිමේදි එම අලෙවි නියෝජිතයා වැඩි මිලට ගැස් මිල දි ගත් නිසා රු 4500 ට අලෙවි කරන බව පැවසිමත් සමග පාරිභෝගිකයන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය කොටගල අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිටින් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විමත් සමග අලෙවි නියෝජිතයා වෙළඳසැල වසා දැමිමට පියවර ගැණින.
පසුව දිඹුල පතන පොලිසියේ නිලධාරින් මැදිහත් වි යලිත් එම වෙළඳසැල විවෘත කර පාරිභෝගිකයන්ට සමාගමේ අනුමත මිලට ගෑස් සිලින්ඩර් බෙදා හැරිමට පියවර ගැනිණි.


