විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී. අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා පවසයි.
ගාස්තු සංශෝධනය ගැන පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට හැකිි බවත් දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිළ වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි ප්‍රවාහන අමාත්‍ය අමුණුගම මහතා පවසයි.