රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී , එහි ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24දා) අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
බ්‍රිතාන්‍යය , කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට කොළඹ , ගම්පහ සහ මහනුවර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් වෙත පාර්සල් 08 ක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබුණි .
මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා , ඒවායේ සදහන් ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී , එම ලිපිනයන් ව්‍යාජ ඒවා බවට තහවුරු විය .
ඒ අනුව මෙම පාර්සල් විවෘත කර , පරීක්ෂා කර බැලීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එම පාර්සල් තුළ " කුෂ් " නැමැති ගංජා මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 01 යි ග්රැම් 590 ක් සහ මෙතැම්පටමයින් නැතහොත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය පෙති 601 ක් ද තිබී සොයාගෙන තිබුණි .
මෙම සොයා ගැනීම් සදහා තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සහාය දැක්වීය .පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ .


