43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන 2022 මාර්තු 25 වන සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ කෙරිණි. මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිතය.
මේ සදහා 43 සේනාංක තරුණ අංශ සාමාජිකයන්, තරුණ වෘත්තීය සමිති ක්රියාකාරීන් සහ සමාජ ක්රියාකාරීන් 43 න් දෙනෙකු මෙම සංකේතාත්මක පාගමන තුළ, ගමන් ගන්නා අතර, සවස 4.30න් පසු කොළඹ කොටුව බෝධිය අසළ විශේෂ හමුවක් ද සංවිධානය කොට තිබේ.


