දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ මාළු අලෙවි කරන ස්ථානයකට ඊයේ (24දා) පස්වරුවේ අකුණු සැර වැදී එහි රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු අකුණු සැර වැදී දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මාළු අලෙවි කරමින් සිටි පුද්ගලයා සහ වර්ෂාවට නොතෙමී සිටීම සඳහා මාළු අලෙවි කරන මඩුව ඇතුළේ රැඳී සිටි තවත් කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේ ය.
අකුණු සැර වැදීමෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ 28 හැවිරිදි පිරිමි පුද්ගලයා හා 38 හැවිරිදි කාන්තාව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් එක් අයෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
දඹුල්ල ප්‍ර දේශයට ඊයේ (24දා) පස්වරුවේ ඉතා කෙටි තද වර්ෂාවත් සමඟ අකුණු කිහිපයක් පතිත වී තිබුණු බවත් වර්ෂාව නිසා නොතෙමී සිටීමට අසල වෙළඳාම් කටයුතු වල නිරතව සිටි කාන්තාවක් එම මාළු වෙළඳසැලට ගොස් ඇති බවත් පසුව එම මාළු වෙළඳසැලේ සිටි පුද්ගලයා ද එක වැරම අකුණු පහරට ගොදුරු වී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
අකුණු සැර වැදීමත් සමග ප්‍ර දේශවාසීහු මෙම දෙදෙනා රෝහලට රැගෙනවිත් තිබේ.