වත්මන් ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා. මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා
වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .
Read Moreඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීණ ගායන ශිල්පි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27දා) දිවයිනට රැගෙන ඒමට නියමිතය.
Read Moreපරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටළු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පලකරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (26) උදෑසන සිට බස්නාහිර පලාතේ සියලුම රෝහල්වල වර්ජනයක් දියත් කර තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම චන්ද්‍රිකාව භූ විද්‍යාත්මක පරිසරය, නායයෑම් සහ භූමිකම්පා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීමට චීනය අපේක්ෂා කරයි.
Read Moreට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කරන නවතම දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන 8ක් පසුපසට ගොස් තිබේ. අද (25) නිකුත් කළ එම දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2021 වසරේදී 102 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2020 වසරේදී ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයේ පසුවිය.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් උපයාගත් මාසය ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසය ඉතිහාසයට එක්ව තිබේ. එම මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1211ක් වෙයි. එය 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 784ක් විය.
Read Moreදැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පෙර දින සිට 3,741ක් දක්වා 35කින් පහත වැටී ඇති නමුත්, තවත් මරණ 364ක් ලියාපදිංචි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක පැවැති ගිණුමකින් රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වරින් වර වංචනික ලෙස ලබාගත් බව කියන ඔහු ළඟින්ම සිටි නිලධාරියෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
Read Moreකරන්දෙණිය පෙහෙඹියාකන්ද ප්‍ර දෙශයේ කොස් ගසක ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබූ පාසල් සිසුවියකගේ හා තරුණයෙකුගේ සිරුරු දෙකක් සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreජනවාරි මස මුලදී ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇල්බර්ට් බොර්ලා පැවසුවේ ඔමික්‍රෝන්-නිශ්චිත එන්නතක් මාර්තු මාසයේදී නියාමන අනුමැතිය සඳහා සූදානම් වන බවත්, සමාගම දැනටමත් මාත්‍රා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්ය.
Read Moreතේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරු ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු අද (25දා) ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.
Read Moreදැඩි කොවිඩ්-19 සීමා කිරීම්වලට අවනත වන ලෙස රටේ සෙසු ප්‍රදේශවලට නියෝග කරන විට ඩව්නිං වීදියේ පැවති යැයි කියනු ලබන සාද සහ සමාජ රැස්වීම් මාලාවක නවතම හෙළිදරව්ව මෙය වන අතර, අගමැති බොරිස් ජොන්සන් වෙත දැඩි විරෝධයක් එල්ල වීමටද මෙය බලපා තිබේ.
Read Moreඑළැඹෙන 27 දා දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ ලංවිමට විදුලිය නිශ්පාදනය කිරීම සඳහා එදින දක්වා අවශ්‍ය ඉන්ධන තොග ලැබී ඇති බවයි.
Read Moreජපානයේ පැනවූ හදිසි පියවර පෙබරවාරි 20දා දක්වා ක්‍රියාත්මක වන අතර, එරට ප්‍රාන්ත 47න් 34ක්ම වඩාත් දැඩි ප්‍රති-වෛරස සෞඛ්‍ය පියවරයන්ට යටත් වේ.
Read Moreපානදුර, දිබ්බැද්ද ප්‍රදේශය භීතියට පත්කරමින් මාස තුනකට ආසන්න කාලයක් නිවාස වලට ගල් ප්‍රහාර එල්ල කල බැව් කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පින්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 3 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඊයේ (24දා) නියම කළේය.
Read More’’විදුලිබල මණ්ඩලයේ ඉන්න සමහර නිලධාරීන්, ඉංජිනේරුවෝ රටේ ජනතාව වගේම ආණ්ඩුව සෙල්ලමට අරගෙන, මේක දිගින් දිගටම ගියොත්, විදුලි බල මණ්ඩලය ඉස්සෙල්ලාම පුනරුත්ථාපනය කරන්න වෙනවා. ඒ වගේම ආණ්ඩුවට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙයි’’ යැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
Read Moreකොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොළ ප්‍රදේශයේදි මෝටර් රථයක් වෙිි ගඟට පෙරළීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු අද (25දා) මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.
Read Moreදිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල මට්ටමක පවතී. මේ හේතුව නිසා පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චියට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
Read Moreමහරගම නගර සභාවේ සභාපතිවරයා හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහර දීමේ සිද්ධියට එරෙහිව මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (25දා) දහවල් නගර සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි .
Read Moreමහ කන්නයේ වී වගා කළ තම නිෂ්පාදනය අඩු වූ වී ගොවීන්ට පමණක් වගා හානි ගෙවන බවත් අනෙකුත් වගාවන්ට (එනම් බඩ ඉරිඟු, එළවළු ඇතුළු ) වගා හානි ගෙවීමට තවමත් තීරණය කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreමීරිගම බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහා පිරිවෙන් විහාරාධිපති, කඩිගමුවේ පේමානන්ද මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය මහෝපාධ්‍යාය, හාපිටිගම් කොරලේ ප්‍රධාන සංඝ නායක නාහිමියෝ අද (25දා) අපවත්වී වදාළහ.
Read Moreහොරණ බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන මාර්ග 25 කට වැඩි සංඛ්‍යාවක පෞද්ගලික බස් රථ අද (25දා) පෙරවරුවේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹිම නිසා මගීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියහ.
Read Moreඑසේම එසේ ගෙන්වීමට නියමිත හාල් නියත වශයෙන්ම කාබනිකව නිෂ්පාදනය කළ හාල් නොවන බවත් ඔහු පැවැසීය.
Read Moreමහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreවී කිලෝවක් රුපියල් 75ක් බැගින් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කෝවිඩ්-19 රෝගීන්ගෙන් 95%කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. පුද්ගලික හේතූන් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
Read More