බලපත්රයට අදාළ ප්රමාණයට වඩා වැඩියෙන් තේක්ක දැව කැබලි තොගයක් ප්රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.
කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් හා වනාතවිල්ලුව බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අද (22දා) දහවල් පුත්තලම නගරයට ආසන්නව මන්නාරම් මාර්ගයේදී මෙම වැටළීම සිදුකර තිබේ.
වනාතවිල්ලුව 13 කණුව ප්රදේශයෙන් ලොරියට පටවා ඇති බව පැවසෙන මෙම දැව තොගය රාගම මහබාගේ ප්රදේශයට ප්රවාහනය කරමින් තිබූ බවට එම විමර්ශන අනාවරණය කරන බවත් එම කාර්යාලය පැවසීය.
මෙහිදී අත් අඩංගුවට ගත් සැකකරුවන් රාගම සහ රාජාංගනය ප්රදේශවල පදිංචිකරුවෝ බවත් ඔවුන් දෙදෙනා සමග අදාළ දැව තොගය සහ ලොරිය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂ කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි

