ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලු විසඳීමට චීනයේ සහාය
ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීන අග්‍රාමාත්‍යවරයා සහතික වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් මහතා මෙම සහතිකය ලබා දි තිබේ. මෙහිදි ඔහු ප්‍රකාහ කර ඇත්තේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ වැඩි ස්ථාවරත්වයක් සඳහා ශ්‍රී ලංකාවට චීනයේ සහාය ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය අවධානය යොමුකර ඇති බවත් ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා චීනයේ උපරිමය ලබාදෙන බවත් මෙහිදි චින අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
දුරකථන සංවාදයේදී සාකච්ඡා වූ අනෙකුත් ක්ෂේත්‍ර අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ කඩිනම් සාකච්ඡා පැවැත්වීම, චීනය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය අවම කිරීම සහ තත්ත්වය ඉඩ ඇති විට වැඩි වශයෙන් චීන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව විය.
"අපගේ දෙරට අතර මිත්‍රත්වය සහ සබඳතාව ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අපි දිගටම එකට වැඩ කරන්නෙමු," අගමැති ලී පැවසීය.
මෑතකදී චිනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාව පිළිබඳව අග්‍රාමාත්‍ය රාජපක්ෂ චීන රජයට ස්තූතිය පුද කළේය.
popular news
-
sg Friday, 22 April 2022 06:05 PM
Again will start the old game with them. Peopel needs to resign from this government and need to establish an interior government with all parties.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

