පාර්ලිමේන්තුවේ ස්වාධින වූ කණ්ඩායම චීන තානාපති හමුවෙයි
ආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරු 07ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.මෙහිදී එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිය මතය ඉදිරිපත් කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ඊට අමතරව චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා දෙපාර්ශ්වයට වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මෙහිදී තානාපතිවරයා හා මන්ත්‍රීවරු අතර හුවමාරු වු බවද තානාපති කාර්යාලය පවසයි.
එසේම චීනයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාව වෙත බලාපොරොත්තුවන බව මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කර තිබේ.මෙම හමුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, පූජ්‍ය අතුරුලියේ රතන හිමි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර , වීරසුමන වීරසිංහ, ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරු එක්වූහ.

popular news
-
priyantha Saturday, 23 April 2022 04:54 PM
Parliament Independent Team (Mahinda Fraction)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

