කුමන පැත්තක් 113ක් පෙන්නුවත් වත්මන් ප්රශ්න විසඳිය නොහැකි බවත් යථාර්ථය තේරුම් ගෙන සැම දෙනාම එකතු වී ගමනක් යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්රකාශයට තමා ද එකඟ වන බව හා විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසුව බවද රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.