වර්ෂාව හේතුවෙන් ජලය ගලා යාමට කාණුවක් කැපිමේ සිදුවීමක් හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
මරණකරුගේ නිවස වෙත ගමන් කරන මාර්ගය හරහා සැකකරු විසින් මෙම කාණුව කපා තිබේ. මෙහිදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් මරණකරුට උදැල්ලකින් පහරදි මෙම ඝාතනය කර තිබේ.
අවුරුදු 54ක් වන හෙම්මාතගම ප්ර දේශයේ පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම ප්ර දේශයේම පදිංචි අවුරුදු 43ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.