වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් අද (22දා)කොස්ගොඩ දෙල්ගහබැද්ද කැලයේ තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බලපිටිය පාතේගම පදිංචි සදුන් කුමාර නමැති 28හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
ඊයේ(21දා) රාත්රියේදී වෙඩි ශබ්ද ඇසුනු කැලේ පරීක්ෂා කිරීමේදී මේ මල සිරුර අද (22දා) ප්රදේශවාසින්ට හමුවී ඇති බව පොලීසිය පැවසීය.
කොස්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
කරන්දෙනිය එම්.සුසිල් ප්රියන්ත