මෝදර ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ සිටි 23 හැවිරිදි තරුණයෙකි.
ත්‍රීරෝද රථයකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මිය ගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබඳව අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාරගත කර මෑතකදී ඇප පිට නිදහස්ව පැමිනි පුද්ගලයෙකු බවත් ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවු පුද්ගල ආරවුලක් මත සිදුවුවක් බවට සැක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.